
ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු සමත්ව සිටින්නීය.
අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඊයේ (22) කළ යාවත්කාලීන කිරීමට අනුව චමරි අතපත්තු ප්‍රසාද ලකුණු 773 ක් හිමිකරගෙන ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණියාය.
චමරි පසුගියදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති අවසන් එක්දින තරගයේදී නොදැවී ලකුණු 195 රැස්කිරීමට පෙර පිතිකාරියන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ පසුවූවාය.
චමරි මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 101 කදී ශතක 9 ක් සහ අර්ධ ශතක 16 ක් සමගින් ලකුණු 3,513 ක් රැස්කිරීමට සමත්ව සිටින්නීය.
එංගලන්ත පිතිකාරී නතාලි සීවර් ප්‍රසාද ලකුණු 764 ක් ලබා දෙවැනි ස්ථානයේ ද, දකුණු අප්‍රිකානු පිතිකාරී ලයුරා වොල්වාර්ඩ්ට් ප්‍රසාද ලකුණු 718 ක් ලබා තෙවැනි ස්ථානයේ ද, පසුවෙති.
