දමිතා ලක්ෂ 50 ක ඇප මත නිදහස් වෙයි

lankaSFnews
0
damitha abeyrathne relased on bail


 විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනි දමිතා අබේරත්නට සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර තිබේ.


එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළේය.


ඉකුත් 05 වැනි දා රංගන ශිල්පිනි දමිතා අභයරත්න සහ ඇගේ සැමියා අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කෙරුණා.


ඔවුන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ පුද්ගලයෙකු විදේශගත කරන බව පවසා රුපියල් ලක්ෂ තිහක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණවලට අදාළවටයි.

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top