කිසිදු ලිංගික කටයුත්තක් නොමැතිව හෙට්ටිපොළ දැරියක් ගැබ් ගෙන... වෛද්‍යවරුන්ටත් ප්‍රශ්නයක්

lankaSFnews
0
hettipola girl pregnant


 හෙට්ටිපොළ පොලිස් වසමේ පදිංචි අවුරුදු 13ක බාලවයස්කාර පාසල් සිසුවියක් ගැබ්ගෙන ඇති අතර ඇය ගැබිණියක් වූ ආකාරය ගැන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට හෝ තවම සොයාගැනීමට නොහැකි තත්ත්වයක පවතින බව වාර්තා වෙනවා.


පසුගිය18 වැනි දින උදරයේ වේදනාවක් තිබෙන බව කියමින් මෙම දැරිය කුළියාපිටිය මහ රෝහලට ඇතුලත්ව ඇති අතර දැරිය පරික්ෂා කර බැලූ වෛද්‍යවරුන් ඇය ගැබිණියක බවට තහවුරු කර ගැනීමෙන් පසු රෝහල් පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.


පසුව රෝහල් පොලීසිය මගින් මේ බව හෙට්ටිපොල පොලීසියට කල දැනුම්දීමක් පසු එහි ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් කණ්ඩායමක් රෝහලට පැමිණ අදාල දැරියගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එහිදි අදාල දැරිය පවසා ඇත්තේ තමා කිසිවෙකු සමග ප්‍රේම සම්බන්දතාවක් පවත්වා නැති බවත් කිසිවෙකු අතින් ලිංගික අතවරයකට හෝ ලක් නොවූ බවයි.


මේ සම්බන්ධයෙන් දැරියගේ මවගෙන්ද පොලීසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අදාල මවද පවසා ඇත්තේ දැරිය නිරන්තර තමාගේ ආරක්ෂාව සහ රැකවරණය යටතේ පවතින බවත් එම නිසා මෙවැන්නක් සිදුවීමට නොහැකි බවයි.


පසුව කුලියාපිටිය රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය පී.කේ විජේවර්ධන හමුවට අදාල දැරිය ඉදිරිපත් කල බවත් අධිකරණ වෛද්‍යවරයා දැරිය පරික්ෂා කර බලා ඇයට ලිංගික ප්‍රවේශයක් සිදුව නොමැති බවත් දැනුම් දී තිබෙනවා.


මෙම දැරිය කිසියම් මානසික පීඩන තත්ත්වයකින් පෙලෙන බව පෙනී ගිය හේතුවෙන් ඇයව මනෝ වෛද්‍ය විශේෂඥවරයෙකු හමුවට ඉදිරිපත් කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දී ඇයගේ මානසික සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ පසු මේ සම්බන්ධව විමර්ශණ සිදුකරන බවයි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවසා ඇත්තේ.


කෙසේ වෙතත් අදාල දැරිය ගැබිණියක වූ අකාරය ගැන තවමත් විසඳා ගත නොහැකි වූ අබිරහසක් බවට පත්ව ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top