
ලොව පුරා මිලියන ගානක ජනාදරයට පත් ‘ව්ලොග්’ නිර්මාණකරුවෙකු වන නාස් ඩේලි (Nas Daily) විවිධ වීඩියෝ නිර්මාණය කරන අතර මේ වනවිට ඔහු ලොව පවතින ප්‍රධාන ආගම් පිලිබඳ හදාරා එමගින් වීඩියෝ නිර්මාණය කරනු ලබයි.එහිදී ඔහු මුලින්ම නිර්මාණය කෙරුවේ 'බුදුදහම' පිලිබඳ වීඩියෝවයි. ඔහු විසින් නිර්මාණය කරන ලද එම ආගම් පිලිබඳ වීඩියෝ ඔබට පහලින් නැරඹිය හැක.
5.ක්‍රිස්තියානි/කතෝලික දහම පිලිබඳ වීඩියෝව
සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ආරාධනයකට අනුව 2023 නොවැම්බර් මස ඔහු ශ්‍රී ලංකාවට පැමිණි අතර සංචාරක ප්‍රවර්ධන කාර්‍යාංශය සමග ගිවිසුමකටද එලැඹුණු අතර ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා ඒ අනුව ඔහු කටයුතු කරන ලදී.
නාස් ඩේලි (Nas Daily) ඊශ්‍රායල -අරාබි ජාතික ව්ලොග් නිර්මාණකරුවා ලොව පුරා සිටින මිලියන ගණනක රසික ප්‍රජාවගේ ආදරය හිමි චරිතයක් වන අතර ඔහු විසින් මින් පෙර නිර්මාණය කරන ලද This is Made of Poop, My Biggest Money Mistake, The Key Board Warrior යනුවෙන් නම් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ වීඩියෝ පට තුනක් අන්තර්ගත කර තිබුණි.
2020 වසරේදී නාස් ඩේලී, කොවිඩ් වසංගත සමය තුළ වඩාත්ම නිර්ලෝභීව කටයුතු කළ රට වශයෙන් (The Most Generous Country During Covid) ශ්‍රී ලංකාව නම් කරමින් නිකුත් කළ වීඩියෝ පටයක් නිර්මාණය කරනු ලැබු අතර එය ලොවපුරා බොහෝදෙනෙක් නරඹා තිබුණි.