අල්ලස් ගන්නකොටම පුත්තලමේ කාති විනිසුරුවරයා මාට්ටු

lankaSFnews
1 minute read
0
lankaSFnews Whatsapp channel
kathi court


 දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්ලස් ගන්නා අවස්ථාවේදී  අල්ලස් හෝ දූෂණ  චෝදනා කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.‍


පුත්තලම වෙට්ටාලෙයි ප්‍රදේශයේ පදිංචි කාරිනියක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ  චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම විනිසුරුවරයා අත්අඩංගුවට ගනු ලැබීය.


එම විනිසුරුවරයා ඉල්ලූ බව කියන මුදල වශයෙන් රුපියල් 5000ක මුදලක් විනිසුරු වරයාට ලබාදීම සඳහා පැමිණිලිකාරිය පුත්තලම උසාවි භූමියට පැමිණ පස්වරු 2.30 ට පමණ එම මුදල ලබාදෙන අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්   විනිසුරු වරයා අත්අඩංගුවට ගනු ලැබීය.


- ගයාන් සූරියආරච්චි

Tags

Post a Comment

0 Comments

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top