
'පිටරට සම්මාන උළෙලකට හරි කමක් නෑ, අපේ ඈයොන්ට දෙපැත්ත බෙදිලා මරාගන්න තියෙනවා නම්.''
ඔන්න ඔය කියමනට කදිම උදාහරණයක් මේ දවස්වල හෝ ගාලා සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා.
ඇත්තම කතාව නම් සම්මාන උළෙලකට සහභාගී වුණු කාන්තාවකගේ සරාගී විලාසිතාවක් තමයි මේ කතාබහට හේතුව.
ඔය තියෙන්නෙ ඒ ඇඳුම !


මේ පොටෝව සමාජ මාධ්‍යයේ සැරිසරන ඔබත් සෑහෙන්න දකින්න ඇති.
ඒ, වැඩිහරියක් ම විවේචන සහිතව වෙන්න ඕනි.
හැබැයි ඒ අතර ලියවිලා තිබුණා, තමන් කැමති විලාසිතාවක් තෝරාගන්න ඕනෑම කෙනෙක්ට ඇති අයිතිය ගැනත් සටහන්.
එහෙම කතා අතර අපේ රටේ උදවිය සැරටම පටලවගත්ත තැනක් තිබුණා. ඒ තමයි මේ සම්මාන උළෙල ලංකාවේ එකක් සහ මේ ඉන්නෙ ලංකාවේ කතක් බව.

''සංස්කෘතිය'' වගේ වචනයක් අල්ලලා මෙහෙම පොටෝවක් එක්ක කතාවක් ලිව්වාම ඉවක් බවක් නැතුව විවේචනය කරනවා මිස, කවුද ? කොහෙද ? මොකක්ද ? කියලා හොයලා බලන්නෙ නැති තරම්නෙ.
අන්න ඒ නිසයි, ඇය කවුද කියලා සටහනක් තබන්න අපි කල්පනා කළේ.
මේ ඉන්නෙ ''Ayushi Jaiswal''
ඇය ඉන්දීය කාන්තාවක්.
ඒ විතරක් නෙවෙයි, ඈ රංගන ශිල්පිනියක් සහ නිරූපිකාවක් ලෙස තරමක් ප්‍රකටයි.
විශේෂයෙන්ම සරාගී රංගනයන් සඳහා.

එතකොට මේ සම්මාන උළෙල “MAHA MEGA” නම් ඉන්දීය ව්‍යාපාර සම්මාන උළෙලක්.
Ayushi Jaiswal, මේ සම්මාන උළෙලෙහි සේයා රූ සිය සමාජ මාධ්‍ය ගිණුම් වෙත එක්කාසු කර තිබුණේ මීට දින කිහිපයකට ඉහතදී.
මේ ආන්දෝලනාත්මක කතා රැගත් සම්මාන උළෙල පෙබරවාරි 23 වන දා සිට පෙබරවාරි 26 දක්වා පැවති බව සඳහන්.

Ayushi Jaiswal විතරක් ම නෙවෙයි, තවත් හුරුපුරුදු මුහුණු කිහිපයක් ම ඊට සහභාගී වෙලා.


