අඩි 07යි අඟල් 02ක් උස ලංකාවේ උසම මිනිසා මෙන්න

lankaSFnews
1 minute read
0
tallest man sri lanka


 මුලතිව් දිස්ත්‍රික්කයට අයත් පුදුකුඩිඉරිප්පු, කයිවේලි ගම්මානයේ ජීවත්වෙන ගුණසිංහම් කසේන්ද්‍රන්ගේ උස අඩි 07යි අඟල් 02කි.


ශ්‍රී ලංකාවේ උසම පුද්ගලයා තමන් බවට විශ්වාස කරන බව ඔහු BBC සිංහල සේවයට පැවසුවේය.


හිටපු LTTE සාමාජිකයෙකු වූ ඔහු දෛනික කටයුතු සිදු කිරීමේ දී උස නිසා ඔහු මුහුණ දෙන තත්ත්වයන් සහ සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර ගැන ඔහු අදහස් පළ කළේය.


“මගේ උස වැඩි නිසා මෙහෙ සපත්තු සෙරෙප්පු පාවිච්චි කරන්න බැහැ. පිටරට ඒවා තමයි ගෙන්නව ගන්න වෙන්නේ.”


ත්‍රිරෝද රථ රියදුරකු වන ඔහු එම කටයුත්ත ද කරන්නේ අපහසුවෙන් බව පවසයි. ඒ ඔහුගේ උස නිසාය. බස් රථවල ගමන් කිරීමේදී ද මේ උස නිසා බලවත් අපහසුතාවන්ට මුහුණ දෙන බව ඔහු කියයි. බස් රථයක හිටගෙන යා නොහැකි බවත් එසේම ආසනයක ඉඳගෙන යෑම ද අපහසු බවත් ගුණසිංහම් කසේන්ද්‍රන් කියයි. තමා ජීවත්වන ප්‍රදේශවලදී විශේෂ පිළිගැනීමක් නොලැබුණ ද සිංහල ප්‍රදේශවලදී තමාට හොඳ පිළිගැනීමක් ලැබෙන බව ද ගුණසිංහම් කසේන්ද්‍රන් සතුටින් සඳහන් කරයි. ඔහු දෙදරු පියෙකි. සමහරු තමන් සමග ඡායාරූපවලට පෙනී සිටීමට කැමැත්තක් දක්වන බවත් ඔහු කියයි.

වීඩියෝව මෙතැනින්

Tags

Post a Comment

0 Comments

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top