නුවරඑළියේ සීතා කෝවිලේ පූජාවට ඉන්දියාවෙන් ශුද්ධ වූ ජලය ගේනවලු

lankaSFnews
0
seetha kovil nuwaraeliya


 නුවරඑළියේ පිහිටා ඇති සීතා අම්මා කෝවිලේ අභිෂේක මංගල්‍යය ලබන මස 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.


ඊට ඉන්දියාවේ සරයු ගංගාවේ පූජනීය ජලය රැගෙන ඒමට සැලසුම් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.


ඒ අනුව එම කටයුතු ඉන්දියාව විසින් මේ වන විටත් ආරම්භ කර ඇති බව සඳහන්.


ඒ, සරයු ගංගාවේ පූජනීය ජලය සහ කෝවිලේ සීතා දේව ප්‍රතිමාව අභිෂේක ගැන්වීම ඉල්ලා ශ්‍රී ලංකා නියෝජිතයන් උත්තර් ප්‍රදේශ් රජයට සිදු කර ඇති ඉල්ලීමකට අනුවයි.


ශුද්ධ වූ ජලය ප්‍රවාහනය කිරීමේ වගකීම සංචාරක දෙපාර්තමේන්තුවට පවරා ඇති බව සඳහන්. රාම් කෝවිලේ භාරය සහ සීතා කෝවිලේ භාරය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් සහ සංස්කෘතික සබඳතා වර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වන බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.


උත්තර් ප්‍රදේශ් රජයේ නියෝගය යටතේ, ශුද්ධ වූ ජලය ප්‍රවාහනය කිරීමේ වගකීම සංචාරක දෙපාර්තමේන්තුවට පවරා ඇති බව සඳහන්.


ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන සීතා අම්මන් කෝවිලේ චාරිත්‍ර වාරිත්‍ර කටයුතු සඳහා සරයු ගඟේ ජලය ඉල්ලා ඇති බවයි, අයෝධ්‍යා තීර්ත් විකාස් පරිෂාද්හි ප්‍රධාන විධායක නිලධාරී සන්තෝෂ් කුමාර් ෂර්මා ප්‍රකාශ කර ඇත්තේ.


එම පූජනිය ජලය කළයක බහා ලබා දෙන බව ද ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති බව සඳහන්.


මේ අතර, මහන්ත් ශෂිකාන්ත් දාස් විසින් අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රයත්නය අගය කර තිබෙනවා. එහි දී ඔහු ප්‍රකාශ කරන්නේ, ශ්‍රී ලංකාවේ සීතා අම්මා කෝවිල සියලු ‘සනාතිකයන්ට’ ආඩම්බරයක් වනු ඇති බවයි.


සීතා දේවිය ලක්දිව බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති අතර අද එම ලංකාවේ ම මහා කෝවිලක් ඉදිවෙමින් පවතින බව ද ශෂිකාන්ත් දාස් මහන්ත් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top