දොළොස් හැවිරිදි බාල වයස්කාර පසල් සිසුවියක් අපයෝජනය කළේ යයි වැරදිකරුවකුවූ විසිපස් හැවිරිදි විවාහකයකුට වසර විස්සක බරපතල වැඩ සහිත සිර දඩුවමක් වින්දිත දැරියට රුපියල් ලක්ෂ දහයක වන්දි මුදලක් සහ රුපියල් විසිපන්දහසක දඩ මුදලක් ගෙවන ලෙස බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අද(07) නියෝග කළේය.
මෙසේ සිර දඩුවම්,වන්දි මුදල් සහ දඩ මුදල් ගෙවීමට නියම කෙරුණේ ඌරගස්මංහන්දිය කුඩා ඌරගහ පදිංචි පුද්ගලයකුටයි. වින්දිත දැරිය පියාට භාරදී මව විදෙස්ගතව සිටි බවත් පියාගේ මිතුරකුවූ අසල්වැසියකුවූ චූදිත මේ නිවසට නිතර ආගිය කෙනෙකු බවත් එසේ පැමිණි අවස්ථාවලදී දැරියගේ පියා නැති අවස්ථාවලදී 2011ජනවාරි මස 01 සිට 2011 අගෝස්තු 31දක්වා කාලය තුල චූදිත මේ දැරිය විටින් විට අපයෝජනය කොට ඇති බව ඌරගස්මන්හංදිය පොලීසිය ගොනු කළ පැමිණෙල්ලේ සදහන්ය.
අවුරුදු 13ක දීර්ඝ කාලයක් තිස්සේ පැවති නඩු විභාගයෙන් අනතුරුව අවුරුදු දහසයට අඩු බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාවට චූදිත වැරදිකරු කළ මහාධිකරණ විනිසුරුවරයා වසරක විස්සක බරපතල වැඩ සහිත සිර දඩුවමක් හා රුපියල් විසිපන්දහසක දඩයක් ද දඩ මුදල නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් වැඩ සහිත සිර දඩුවමක් හා වින්දිත පාසල් ශිෂයාවට රුපියල් ලක්ෂ දහයක වන්දි මුදලක් ගෙවන ලෙසටද එය නොගෙවන්නේ නම් වසර දෙකක ලිහිල් වැඩ සහිත සිර දඩුවමක් ලබා දෙන ලෙස නියෝග කළේය.
එම්.සුසිල්