ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.
බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අද වැනි ඇසළ පොහොය දිනයක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්.
සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහා අභිණිෂ්ක්‍රමණය කිරීම සහ රාහුල කුමරුගේ උපත සිදුවූයේ ද අද වැනි ඇසළ පොහොය දිනකයි.
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව දේශනා කරන ලද්දේ ද ඇසළ පුන් පොහෝ දිනකවන අතර තව්තිසා දෙව් ලොවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ මාතෲ දිව්‍ය රාජයාට අභිධර්ම දේශනා කිරීම සිදුකරනු ලැබුයේ ද අද වැනි පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වනවා.
බුදුරජාණන් වහන්සේ එවකට භාරතයේ විසූ මානාධික තීර්ථකයින්ගේ මානය බිඳ හෙළීමද සිදු කර ඇත්තේ මෙම පොහොය දිනයේදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.
ඒ අනුව බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී යමා මහ පෙළහර පා ඔවුන්ගේ මානය බිඳ දමා තිබේ.
බුද්ධ පරිනිර්වාණයෙන් පසු ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ලංකාවේ කිත්සිරි මෙවන් රජදවස කලිඟු රට සිට හේම මාලා කුමරිය සහ දන්ත කුමරුන් ලක්දිවට උතුම් ශ්‍රී දළදා වහන්සේ වැඩම කරවීමද සිදුකර ඇත්තේ මෙම පෝය දිනයේදීය එතැන් පටන් ඇසළ පෝය මුල් කරගෙන ශ්‍රී දළදා පෙරහැර පැවැත්වීමද චාරිත්‍රානුකූලව සිදු කෙරේ.
බුද්ධ වර්ෂ 382 දී දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය ඉදිකිරීම පිණිස මුල්ගල තබා ඇත්තේ ද අද වැනි දිනකය.
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය මෙරට බෞද්ධ ජනයාට වැදගත් පොහොය දිනයක් ලෙසයි සැලකෙන්නේ.