හන්තාන සඳගිරි මහ සෑ නිර්මාතෘ ශාස්ත්‍රවේදී පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් යුරෝපා භික්ෂු සම්මේලනයේ ගෞරව සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබ තිබෙනවා.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශේෂවේදී උපාධි ධාරියෙකු වන ශාස්ත්‍රවේදී පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් මෙරට ශාසනික උන්නතිය වෙනුවෙන් කෙටි කලක් තුල මෙහෙවරක් කල යතිවරයෙක්.උන්වහන්සේ සිය මහජන සහයෙන් සහ උන්වහන්සේගේ අප්‍රතිහත ධෛරයෙන් ගොඩනැගූ හන්තාන සඳගිරි මහා සෑය දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වන පින් බිමක් වී තිබෙනවා.එම සිදුකල ශාසනික සහ සමාජීය මෙහෙවර අගයමින් සඳගිරි මහා සෑ විහාරාධිපති හිමියන්ට පසුගියදා යුරෝපයේ ශ්‍රී ලංකික භික්ෂු සංගමය විසින් ගෞරව සම්මානයක් ප්‍රධානය කරනු ලැබුවා.
ඈත පිටිසර ගම් දනව්හි වෙසෙන දහස් සංඛ්‍යාත දරු දැරියන් වෙනුවෙන් අධ්‍යාපනික සත්කාර සිදු කරවීම,නිවාස තැනවීම, දුෂ්කර පළාත්හි පාසල් සංවර්ධනයට දායක වීම, දුෂ්කර වෙහෙර විහාර සංවර්ධනයට දායක වීම ආදී සේවා රැසක උන්වහන්සේ මේ වනවිටත් නියැලී සිටිනවා.