ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන ‘එක්ස්’ (කලින් ට්විටර්) මාධ්‍ය ජාලයට විකල්පයක් වශයෙන් ඉන්දීය ජාතිකයකු විසින් නිර්මාණය කර තිබූ ඉන්දියානුවන් මිලියන 20ක් දෙනා පරිශීලනය කරන ලද ‘කූ’ සමාජ මාධ්‍ය ජාලය වසා දැමීමට එහි නිර්මාතෘවරුන් විසින් පියවර ගෙන තිබේ. මේ හේතුවෙන් එම මාධ්‍ය ජාලය පරිශීලනය කළ ඉන්දීය ජාතිකයන් විශාල පිරිසක් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ‘කූ’ සමාජ මාධ්‍ය ජාලය පවත්වාගෙන යෑමට අවශ්‍ය අරමුදල් හිඟ වීම හා එය ක්‍රියාත්මක කිරීම සඳහා භාවිත වන තාක්ෂණය සඳහා අධික වියදමක් දැරීමට සිදු වීම යන කරුණු මත එම මාධ්‍ය ජාලය වසා දැමූ බව එහි නිර්මාතෘවරුන් වන අප්‍රමෙයා රාධක්‍රිශ්ණා හා මයන්ක් බිඩවට්කා විසින් නිවේදනය කර තිබේ.
බැංගලොරයේ බෝම්බිනෙට් ටෙක්නොලොජීස් ආයතනය විසින් පවත්වාගෙන ගිය ‘කූ’ සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවිය 2020 වසරේදී අරඹා ඇති අතර එය ඉන්දීය භාෂා 10 කට අධික සංඛ්‍යාවකින් පවත්වාගෙන ගොස් ඇත.