කඳු නගින්නෙකුට එල්ල වූ මාරාන්තික වළස් ප්‍රහාරයක් හේතුවෙන් රුමේනියානු රජය එරට වැඩි වෙමින් පවතින වළස් ගහණය පාලනය කිරීමේ අරමුණින් වළසුන් 500ක් මෙම වසරේදී මරා දැමීම සඳහා අනුමැතිය ලබා දී තිබේ. මෙසේ වළසුන් 500ක් මරා දැමීමටත් උද්‍යාන පාලකයන්ට නිත්‍යානුකුලව මරා දැමිය හැකි වළසුන් සංඛ්‍යාව දෙගුණයකින් වැඩි කිරීමටත් අනුමැතිය ලබා දී ඇති නීතිය ජූලි 15දා සිට බලපැවැත්වෙන ලෙස ක්‍රියාත්මක වන බව රුමේනියානු රජය පවසයි.
පෙරේදා දිනයේ රුමේනියානු පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් කැඳවා ඇති එරට රජය වළසුන් සම්බන්ධ මෙම නීතිය අනුමත කරගෙන තිබේ.