ඉන්දියාවේ මෙන්ම ලෝකයේද බොහෝ දෙනා බලාපොරොත්තුව සිටි වසරේ වඩාත්ම සුඛෝපභෝගී විවාහ මංගල්‍යයට කාලය එළැඹ තිබේ. ආසියාවේ ප්‍රකෝටිපති ධනවත්ම මිනිසාගේ උරුමක්කාරයා වන අනන්ත් අම්බානි හෙට අනිද්දා පැවැත්වෙන උත්කර්ෂවත් උත්සවයකදී ඔහුගේ දිගුකාලීන පෙම්වතිය වන රාධිකා මර්චන්ට් සමඟ විවාහ වීමට නියමිතය.
මුම්බායි නගරය ආලෝකවත් කරන මෙම විවාහ මංගල්‍යය ජූලි 12 සිට 14 දක්වා අනන්ත්ගේ දෙමාපියන් වන මුකේෂ් සහ නීටා අම්බානිගේ ඇන්ටිලියා නම් තට්ටු 27 කින් යුත් නිවසේ මෙන්ම පවුලට අයත් Jio World Convention Center හි පැවැත්වීමට නියමිතය. එයට 16,000 කට වැඩි ආරාධිත පිරිසක් සහභාගී වීමට ද නියමිතය. විවාහ වන 29 හැවිරිදි අම්බානි පුත්‍රයා, Bloomberg Billionaires Index අනුව ඇස්තමේන්තුගත ධනය ඩොලර් බිලියන 118 කට වගකියන ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයා වේ. ඔහු පවුලේ සමූහ ව්‍යාපාරය වන රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් හි බලශක්ති අංශයේ ව්‍යාප්තිය මෙහෙයවීමේ වගකීම දරයි.
සහෝදර සහෝදරියන් තිදෙනාගෙන් බාලයා වූ අනන්ත් අම්බානි බ්‍රවුන් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ඇත. ඔහුගේ සහෝදරයා සහ සහෝදරිය ද රිලයන්ස් හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින අතර සමාගමේ අනෙකුත් කොටස් කළමනාකරණය කරයි. අනන්ත් කුඩා කල සිටම සත්ත්ව සුබසාධනය ගැන සැලකිලිමත් විය. ඔහු මෑතකදී ඔහුගේ ආශාව දිනූ ව්‍යාපෘතිය වන වන්තාරා, නමැති අක්කර 3,000 ක සත්ත්ව නවාතැන ආරම්භ කළේය. ජම්නගර් හි පැවති මංගල උත්සවයට පෙර කැලෑ ඇඳුමෙන් සැරසුණු ප්‍රභූ අමුත්තෝ එහි සංචාරය කළහ. ඔහුගේ සහකාරිය රාධිකා මර්චන්ට් (29), ලෝ ප්‍රකට ඖෂධ නිෂ්පාදන ආයතනයක අධිපති Viren Merchant ගේ දියණිය වන අතර, ඇය ඔහුගේ සමාගම වන Encore Healthcare හි සේවය කරයි. ඉකුත් මාර්තු මාසයේදී පැවැති, ඔවුන්ගේ අතිවිශිෂ්ට පූර්ව විවාහ සැමරුමේ ආන්දෝලනාත්මක විස්තර දැනටමත් ඉන්දියානු මාධ්‍ය උමතුවකට ලක් ඇති අතර ඉදිරියේදී සිදුවීමට නියමිත ආසියාවේ විශිෂ්ටතම විවාහ උත්සවය පිළිබඳ අනාවැකිවලින් සමාජ මාධ්‍ය ජාල ද අවුල් වී හමාරය.
මාර්තුවේ මෙම යුවල බටහිර ජම්නගර් නගරයේ දින තුනක පූර්ව විවාහ උත්සවයක් පැවැත්වූ අතර, මාර්ක් සකර්බර්ග් සහ බිල් ගේට්ස් ඇතුළු ඉහළ පෙළේ අමුත්තන් 1,200 ක් පමණ සහභාගී වූහ. ඩ්‍රෝන යානා 5,500 කින් සමන්විත විචිත්‍රවත් ආලෝක සංදර්ශනයක් උත්සව සඳහාම සාදන ලද වීදුරු මාලිගාවකට ඉහළින් අහස ආලෝකමත් කළේය. එහිදී සාදයට පැමිණි අය රාත්‍රියේ අධික මුදලක් වැය කර ගෙන්වූ ලෝ ප්‍රකට පොප් තරුව රිහානාගේ ප්‍රසංගයකට රූ එළිවන තුරු නැටූහ.
ඔවුන්ගේ විවාහයේ ආරාධනා පතද ඔවුන්ගේ මිල මුදල් වල වටිනාකම පෙන්වන්නකි.මිල , මුදලින් කොපමණ ඉහලට ගියත් තම ජාතිය ,ආගම ,සංස්කෘතිය අමතක නොකරන පිරිසක්මි ලෙස එම ආරාධනා පතින් ඔවුන් සමාජයට පෙන්වා තිබේ.