නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු අද (08) පෙරවරුවේ එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා සහ තවත් අයෙකු ජීවිතක්ෂයට පත් විය.
අද උදෑසන 10 ට පමණ අතුරුගිරිය මංසන්ධියේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක් තුළදී වෙඩි ප්‍රහාරයට ලක්වූයේ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු පිරිසක්.
අදාළ ගොඩනැගිල්ලේ පච්චා කෙටීමේ ස්ථානයක් විවෘත කිරීම සඳහා සුරේන්ද්‍ර වසන්ත පෙරේරා,ජනප්‍රිය ගායන ශිල්පී කේ සුජීවා මහත්මිය ඇතුළු පිරිසක්
එහි පැමිණ තිබිණි.
වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්න සහ අතුරුගිරිය රතුවිලවත්ත ප්‍රදේශයේ පදිංචි නයන වාසුල විජේසූරිය නැමැති 37 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියහ.
ඔවුන්ගේ සිරුරු හෝමාගම මූලික රෝහලේ තැන්පත් කර තිබේ.
මේ අතර ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික් විජේවර්ධන සහ යොමානා කෞෂධී නැමති කාන්තාවක්ද වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අතර ඔවුන්ද හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරිණි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ජයප්‍රිය ගායිකා කේ.සුජීවා මහත්මිය මුලින්ම ඇතුළත් කෙරුණේ අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලටයි.
පසුව ඇය කොළඹ ජාතික රෝහලට මාරු හැරීමට රෝහල් බලධාරීන් පියවර ගත්තේ ය.
අප කළ විමසීමකදී කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේ ඇය ඇතුළු තවත් පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි.
මේ අතර වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් පැමිණි බව කියන මෝටර් රථය දහවල් 12.45ට පමණ නවගමුව, කොරතොට ප්‍රදේශයේ මාර්ගයක තිබියදී සොයා ගැනීමට හැකි විය.
පොලීසිය පැවසුවේ සැකකරුවන් මෝටර් රථය මහමග දමා වෑන් රථයකින් පළාගොස් ඇති බවයි.
වෙඩි තැබීම සිදු වූ ස්ථානය අද සවස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් පී.ජී.පී. කරුණාරත්න මහතා නිරීක්ෂණය කළේ ය.
ව්‍යවසායකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නුවරඑළිය, කොළඹ ඇතුළු නගර කිහිපයකම හෝටල් සහ කැරොකේ සමාජ ශාලා හිමිකරුවෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන්නේ 90 දශකයේ සිටයි.
විවිධ සමාජ සේවා සිදු කරන අයෙකු ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියක් උසුලන ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ලක්ෂ 06 කට ආසන්න පරිශීලකයින් පිරිසක් ද සිටී.
දරුවන් සිව් දෙනෙකු ගේ පියෙකු වන ඔහුගේ වයස අවුරුදු 55 ක්.
හෝමාගම රෝහලේ නවතම තත්ත්වය