මත්ද්රව්ය හේතුවෙන් තවමත් මෙරට වාර්ෂිකව 40,000ක් පමණ මියයන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා.
ඒ අතරින් 20,000ක් පමණ මිය යන්නේ දුම්කොළ භාවිතය නිසා බවත් 18,000ක් මධ්‍යසාර භාවිතය නිසාත් 2,000ක් පමණ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය නිසා මිය යන බවත් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර සඳහන් කරනවා.
එලෙසම 35,000 ක් පමණවූ ගැහැණුන් වැන්දඹු බවට පත්වන බවත් හෙතෙම සඳහන් කරනවා.
එහි සභාපතිවරයා සඳහන් කළේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම මව්පියන්ගේ වගකීමක් බවයි.
ගාස්තු රහිතව 1927 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම්වලට අදාළ ගැටලු සම්බන්ධව උපදෙස් රහසිගතව ලබා ගත හැකි බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.