බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.
ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීමෙන් ආගමික සමගිය කඩකිරීමේ චෝදනා මත බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට බරපතළ වැඩසහිත වසර 4ක සිරදඬුවම් පසුගිය මාර්තු මස 28 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය නියෝග කළේය.
නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න, සංජය ආරියදාස සහ සංජය මාරඹේ සමග ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පූජ්‍ය හිමියන් වෙනුවෙන් පෙනී සිටියහ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ අසාද් සාලි විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඥානසාර හිමිට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.