මවුලවිවරයෙකු විසින් බස් රථයක ගමන් කරමින් සිටි තරුණියකගේ කෙස් කළඹ අඩියක පමණ ප්‍රමාණයක් කතුරකින් කපා ඉවත්කර ඇති පුවතක් පිළිබඳ මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වනවා.
27 හැවිරිදි අදාළ තරුණියගේ කෙස් කළඹ අඩියක පමණ ප්‍රමාණයක් කතුරකින් කපා ඉවත් කළ බව කියන පුද්ගලයා මුරුතලාව ප්‍රදේශයේ පල්ලියක මවුලවිවරයෙකු බවයි පොලිසිය පැවසුවේ.
ඒ අනුව එම මවුලවිවරයා මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ තරුණිය කටුගස්තොට සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක අසුන් ගෙන සිටියදී එම අසුනේ පිටුපස අසුනේ සැකකරු වාඩිවී සිටිමින් එලෙස ඇයගේ කොණ්ඩය කපා දමා ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
සිද්ධියට මුහුණ දුන් තරුණිය එම අවස්ථාවේදීම ඇයගේ ජංගම දුරකථනයෙන් සැකකරු සහ ඔහු විසින් කපා දැමූ කොණ්ඩයේ කොටසද වීඩියෝ ගත කොට තිබුණා.
මඩවල ප්‍රදේශයේ පදිංචි එම තරුණිය කිසියම් අවශ්‍යතාවයක් සඳහා මහනුවර බලා ගමන් කරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ දී ඇති අතර ඇයගේ දැනුම්දීමට අනුව බස් රථයේ මගීන් විසින් සැකකරු අල්ලා පොලිසියට භාරදී තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුර්තලාව දෙහිඅංග උතුර ප්‍රදේශයේ පදිංචි මවුලවිවරයෙක්.