හොඳම මිතුරිය සැමියත් දැලේ දාගෙන, සල්ලි වලටත් විදලා

lankaSFnews
0


 සිය සැමියාගේ අනියම් බිරිඳට රුපියල් ලක්ෂ දහයක බැංකු ණයක් තමන්ගේ නමට අරන් දුන් යාපනයේ අල්වායී ප්‍රදේශයේ කාන්තාවක් සිය මිතුරිය ණය මුදල බැංකුවට නොගෙවීම නිසා සිය ෆේස්බුක් ගිණුමේ සම්පූර්ණ විස්තරයක් ලියා සැමියාගේ නිවසට ගොස් පෙරේදා (18 දා) ගෙල වැළලාගෙන මිය ගොස් තිබේ.


වාකීසන් කෝමලා නමැති 33 හැවිරිදි මෙම තිදරු කාන්තාව එම ප්‍රදේශයේම තවත් කාන්තාවක් සමග දැඩි මිතුරු සම්බන්ධකමක් පවත්වා ගෙන ගොස් තිබේ. සිය මිතුරියකගේ හදිසි අවශ්‍යතාවයක් සඳහා ඇගේ නමින් අල්වායී ප්‍රදේශයේ බැංකුවකින් රුපියල් ලක්ෂ දහයක මුදලක් ණයක් වශයෙන් ලබාගෙන මිතුරියට දී ඇත්තේ එම ණය මුදල මාසිකව ගෙවීමේ පොරොන්දුව මතයි. මාස දෙකක් පමණ ණය මුදලේ වාරික ගෙවීමෙන් පසුව මිතුරිය බැංකුවට මුදල් ගෙවීම නතර කිරීම නිසා බැංකු නිලධාරීන් ණය මුදල ලබා ගත් කාන්තාව සොයා ගෙන පැමිණීමටත් ඇයට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවටත් දැනුම් දී තිබේ. මේ අතරවාරයේ ණය මුදල ලබාගෙන සිය මිතුරියට ලබා දුන් කාන්තාවට දැන ගැනීමට ලැබී ඇත්තේ සිය මිතුරිය තම සැමියා සමග අනියම් පෙමක පැටලී සිටින බවයි. මේ සම්බන්ධයෙන් පවුල තුළ හටගත් බහින් බස්වීම් හා විරසකකම් නිසා සැමියා ඔහුගේ නිවස පිහිටි යාපනයේ නෙල්ලිඅඩි ප්‍රදේශයට ගොස් ජීවත්වී ඇති අතරතුර සිය බිරිඳගේ මිතුරිය සමග සම්බන්ධකම පවත්වා ගෙන ගොස් තිබේ.


මේ සිද්ධියත් බැංකුවේ ප්‍රශ්නයත් මත දැඩි මානසික පීඩනයට පත් කාන්තාව සිය ෆේස්බුක් ගිණුමේ සියලු විස්තර සටහන් කොට සැමියාගේ නිවසට ගොස් එහිදී ගෙල වැළලාගෙන මියගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කොඩිගාමම් පොලිසිය හා නෙල්ලිඅඩි පොලිසිය පරීක්ෂණ පවත්වයි.


දිනසේන රතුගමගේ

Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top