ශ්‍රී ලංකා පොලීසියේ රාජකාරි සඳහා අවශ්‍ය උණ්ඩ ඇතුළු ද්‍රව්‍ය කිහිපයක් මිලට ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී.
ජීව හා අජීව උණ්ඩ 13,20,000 ක් පොලිස් නිල ඇඳුම් සඳහා වූ කාකි රෙදි මීටර් 7,32,000 ක්,පොලිස් නිලධාරීන් පළඳින හම් සපත්තු ජෝඩු 70,000 ක් සහ ක්‍රීඩා සපත්තු ජෝඩු 58,500 ක් මෙසේ මිලදී ගැනීමට නියමිත ද්‍රව්‍ය අතර වේ.
ජාතික තරගකාරී ලංසු ක්‍රමය යටතේ මේ ද්‍රව්‍ය මිලදී ගැනීමට මේ වන විට ලංසු කැඳවා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.