බිලියන 2,121ක බදු ආදායමක් ගෙවුණු මාස හතේදි රජයට ලැබිලා

lankaSFnews
0
tax

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදී ඇති බදු ඉලක්කවලට ලංකාව ක්‍රමිකව ගමන් කරමින් සිටින බවත්, ඒ අනුව මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට අගෝස්තු 05 වැනිදා දක්වා වූ කාලය තුළදී රුපියල් බිලියන 2,121 ක බදු ආදායමක් උපයාගෙන ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ කේ.කේ.අයි. එරන්ද පැවසීය.


ඉහත කාලය තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1025ක්ද, ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 815ක්ද, සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 115ක්ද, වෙනත් ආයතනවලින් එකතු කළ බදු වශයෙන් රුපියල් බිලියන 165ක්ද යනාදී වශයෙන් උපයා තිබේ. ලංකාව බදු ආදායම් ඉලක්කවල නියමාකාරයෙන් රැඳී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දැනුම් දී ඇතැයිද අධ්‍යක්ෂවරයා කීවේය.


ලෝකයේ බංකොලොත් තත්ත්වයට පත්වූ අනෙකුත් රටවල්වලට සාපේක්ෂව ලංකාවේ ආර්ථිකය වේගයෙන් ඉදිරියට පැමිණ තිබීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය ප්‍රසාදය දක්වා තිබේ. ඉහත කාලය තුළදී රජය ඇස්තමේන්තු ගතකර තිබූ බදු ආදායම රුපියල් බිලියන 2,005කි.


මේ වසර අවසානය වන විට රජයේ අපේක්ෂිත බදු ආදායම රුපියල් බිලියන 4,127කි. ඉන් රුපියල් බිලියන 2,024ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්ද රේගුව විසින් රුපියල් බිලියන 1,533ක්ද සුරාබදු දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 232ක්ද ලෙස බදු ආදායමක් ඉපැයිය යුතුය.

Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top