මේ වසරේදී ඒඩ්ස් රෝගීන් 700ක් හමුවෙලා

lankaSFnews
0
aids

 මේ වර්ෂයේ ගෙවීගිය කාලයෙහිදී ආසන්න වශයෙන්  ඒඩ්ස් රෝගීන්  700කට අසන්න පිරිසක් වාර්තා වී තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.


මේ අනුව දිවයිනෙන්  මේ වන විට හඳුනාගෙන සිටින  රෝගීන්ගේ ප්‍රමාණය 3500 දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, තවත් 1500ක් පමණ  රෝගීන් ප්‍රමාණයක් රට තුළ සිටින බවට ස්‍යෙඛ්‍ය අංශ සැක පළ කරන බවත් එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් සඳහන් කළේය. 


2018 වසර වන විට ජනගහනයෙන් මිලියනයකට ඒඩ්ස් රෝගීන් 0.03 ක් පමණ හඳුනා ගැනීමට සමත් වූ බවද,  මේ වන විට එම අගය දශම එක දක්වා එනම් සියයට තුන්සිය ගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයිද  හෙතෙම පවසා සිටියේය.


හඳුනාගෙන සිටින  රෝගීන්  අතර වයස අවුරුදු 16 අඩු  ළමුන් 50 දෙනෙකුට ආසන්න ගණනක් ඇති තිබෙන  බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් රෝග මර්දන ව්‍යාපාරයේ නවතම දත්ත අනුව පෙන්නුම් කරන බවද ඒ මහතා සඳහන් කළේය.


රෝගීන් හඳුනා ගන්නා ප්‍රතිශතය අනුව අවම වශයෙන් මෙරට තුළ රෝගීන් 5000කට ආසන්න ගණනක් සිටිය යුතු බවත්,  සායනවලට නොපැමිණි මේ දක්වා හඳුනා නොගත් සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයක් දිවයින පුරා විසිර සිටින බවත් ඒ මහතා  පෙන්වා දෙයි.


දැනට හඳුනාගෙන සිටින රෝගීන්ගෙන් සියයට අසූ එකකට ආසන්න ප්‍රමාණයක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර ඉදිරි කාලයේදී රෝගීන්ගේ ව්‍යාප්තිය වැඩි වීමක් සිදුවිය හැකි බැවින් මේ සම්බන්ධව ජනතාව දැනුවත්ව සිටීම ඉතා වැදගත් බවද චමල් සංජීව මහතා සඳහන් කළේය.


කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක ආශ්‍රිතව වැඩිම ඒඩ්ස්  රෝගීන් ගණනක් වාර්තා වන අතර වාර්ෂිකව නවක ඒඩ්ස් රෝගීන් වාර්තා වීමේ ප්‍රමාණය 700කට අසන්න බව බවද ඒ මහතා පැවසීය.


සමලිංගික සබඳතා, ලිංගික ශ්‍රමිකයන් සහ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව කටයුතු කරන පුද්ගලයන් අතර රෝග ව්‍යාප්තිය බහුල වන අතර පාසල් දරුවන් සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතරද රෝගීන් වාර්තා වන බව හෙතෙම සඳහන් කළේය.


මේ නිසා අනාරක්ෂිත පුද්ගලයන් සමග ලිංගික සම්බන්ධතා පවත්වා ඒඩ්ස් රෝග ලක්ෂණ තිබෙන පිරිස් සිටිනවා නම්  ළඟම පිහිටි සායනයකින් ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ඉල්ලා සිටියි.

Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top