ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට මෙරට සුන්දරත්වය සේම හරිත වටපිටාව සම්බන්ධයෙන් ඉහළම අත්දැකීමක් ලබාදීමට ආරම්භ කිරීමට නියමිත මෙරට ප්‍රථම තරු -07 හෝටල් ව්‍යාපෘතියක් වන අවියානා පෞද්ගලික හෝටල් සංකීර්ණයේ (Aviyana Private Chalet Ceylon) ඉදිකිරීම් කටයුතු මේ වනවිට සියයට 70%කින් පමණ නිමා වී තිබේ .
ශ්‍රී ලංකා ආර්ථිකයට මෙන්ම සංචාරක ව්‍යාපාර ක්ෂේත්රයට විශාල ශක්තියක් ලබාදෙමින් මහනුවර උඩිස්පත්තුවේ සුන්දර රමණීය පරිසරයක රුපියල් බිලියන 08 ක ආයෝජනයක් සහිතව එම හෝටල් සංකීර්ණය ඉදි වෙමින් පවතින අතර එහි පළමු අදියර නොවැම්බර් මාසයේදී විවෘත කිරීමට සැලසුම් කොට ඇති බව අවියානා හෝටල් සමූහයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය තිසර හේවාවසම් මහතා පවසයි .
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට සමගාමීව මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හිදී මේ මස 20 වැනි දින දක්වා දියත් කෙරෙන හෝටල් ව්‍යාපෘතිය හා සම්බන්ධ ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා ඒ බව අවධාරණය කළේය .
විදේශ විනිමය මෙරටට ගෙන ඒමේ ක්‍රියාවලිය ශක්තිමත් කරන මෙරට පළමු තරු - 07 හෝටල් ව්‍යාපෘතියක සාඩම්බර හිමිකරුවෙකු වීමේ අවස්ථාව ජනතාවටද ලබාදී ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 05 සිට ඉහළට මෙම හෝටල් ව්‍යාපෘතියේ මුදල් ආයෝජනය කර ප්රතිලාභ ලබාගත හැකි බවද එහි කළමනාකාරිත්වය පවසයි .