Off වුනාට පස්සේ බොස් එක්ක ආපහු කතා බෑ...ඔස්ට්‍රේලියාවේ කම්කරු නීතිය අලුත් වෙයි

lankaSFnews
0
boss calling

 ඔස්ට්‍රේලියාවේ "විසන්ධි කිරීමේ අයිතිය" නීතියක් ලෙස ක්‍රියාත්මක වීම ආරම්භ කර තිබෙනවා.


ඒ අනුව ඔස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ දවසේ වැඩ නිම කිරීමෙන් පසු සේවා යෝජකයන්ගෙන් ඇමතුම් ගැනීමට හෝ පණිවිඩ කියවීමට බැඳී සිටින්නේ නැහැ.


මෙම නව නීතිය මගින් සේවකයින්ට තම කැමැත්ත පරිදි දවසේ වැඩ කරන පැය ගනණට පසුව තම ප්‍රධානීන් සන්නිවේදනය නොසලකා හැරීමට ඉඩ සැලසෙනවා.


මේ නිසා තම ප්‍රධානීන් දඬුවම් කරනු ඇතැයි බියෙන් තොරව කටයුතු කිරීමට සේවකයින්ට මේ යටතේ නීතිමය හැකියාව ලැබෙන බව සඳහන්.


පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද සමීක්ෂණයකින් ඇස්තමේන්තු කර තිබුණේ, ඔස්ට්‍රේලියානුවන් වාර්ෂිකව සාමාන්‍යයෙන් පැය දෙසිය අසූ එකක වැටුප් රහිත අතිකාල වැඩ කරන බවයි.


ප්‍රධාන වශයෙන් යුරෝපයේ සහ ලතින් ඇමරිකාව ඇතුලු රටවල් 20ක පමණ මෙම නව 'විසන්ධි කිරීමේ අයිතිය' ඇති සමාන නීති ක්‍රියාත්මක වනවා


කෙසේ වෙතත් සේවා යෝජකයන්ට නියමිත පැය ගණනකට පසු තම කම්කරුවන් සම්බන්ධ කර ගැනීම නීතියෙන් තහනම් වන්නේ නැහැ


නීතිරීතිවලට අනුව, සේවා යෝජකයන් සහ සේවකයින් තමන් අතර ඇති ආරවුල් විසඳීමට උත්සාහ කළ යුතු අතර යම් ආකාරයකට දෙපාර්ශවය අතර ගැටලුවක් ඇති වුවහොත්, Australia's Fair Work Commission (FWC) හට පියවර ගත හැකියි.

Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top