අධික ජීවන වියදම නිසා චීනයේ විවාහ ගිවිසගැනීම් අඩුවෙයි

lankaSFnews
0
china wedding

 චීනයේ සිවිල් කටයුතු අමාත්‍යාංශයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2024 වසරේ මුල් භාගයේදී විවාහ වූ චීන ජෝඩු සංඛ්‍යාව 2013 වසරෙන් පසු පහළම මට්ටමට වැටී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තාකර සිටිනවා.


පවතින අධික ජීවන වියදම හමුවේ චීනයේ තරුණ පිරිස වැඩි පිරිස වැඩි වශයෙන් සිය විවාහයන් කල් දැමීම මෙයට හේතු වී ඇති බවයි වාර්තා වෙන්නේ.


2024 වසරේ පළමු භාගය දක්වා විහිදෙන චීන රජයේ දත්ත වලට අනුව, පසුගිය වසර දෙක තුළ චීනයේ ජනගහනය අඩුවෙමින් පවතින බව සඳහන්.

පර්යේෂණ ආයතනයක් වන Rhodium Group හි මෑත වාර්තාවකට අනුව, චීන පාරිභෝගිකයින් වියදම්වලින් පසුබසිමින් සිටින අතර, වයස්ගත ජනගහනයක් විශ්‍රාම ගැනීම සඳහා ඉතිරිකිරීම යන හේතුන්ද විදෙස් මාධ්‍ය පෙන්වාදෙනු ලබනවා.


මෙම වසරේ ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ ජෝඩු මිලියන 3.4ක් විවාහ ගිවිස ගැනීමත් සමඟ විවාහ අනුපාතය අඛණ්ඩව පහත වැටී ඇති බවද සඳහන්.


නිල දත්ත පෙන්නුම් කරන්නේ මෙම වසරේ මුල් භාගය තුළ චීන යුවළ මිලියන 3.4 ක් විවාහ වී ඇති අතර, පසුගිය වසරේ (2023) එම කාලයට සාපේක්ෂව විවාහ ගිවිසගැනීම 498,000 කින් අඩු වී ඇති අතර එය 2013 සිට වාර්තා වූ අඩුම අගයයි.


එය චීනයේ සිවිල් කටයුතු අමාත්‍යාංශයේ දත්ත වලට අනුව දශකයකට පෙර එකම කාලසීමාවක් තුළ විවාහ වූ ජෝඩු සංඛ්‍යාවෙන් අඩක් බවයි වාර්තා වෙන්නේ.


2023 පළමු භාගයට සාපේක්ෂව වසරේ පළමු භාගය තුළ චීනය වෙත දියමන්ති ආනයනය 28% කින් පහත වැටී තිබෙනවා.

බිලියන 1.4 ක් පමණ වන චීනයේ ජනගහනය 2023 දී පිට පිට දෙවන වසරටත් පහත වැටුණු අතර මරණ අනුපාතය උපත් අනුපාතය ඉක්මවා යාම නිසා ජාතියට මිලියන 2 කට අධික ජනතාවක් අහිමි වුණා.


ශතවර්ෂයේ අවසානය වන විට එහි මුළු ජනගහනය අඩකින් අඩු විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය නවතම ලෝක ජනගහන අපේක්ෂා වාර්තාවේ අර්ථකථනය කර ඇති අතර, 2100 වන විට එම ජාතියේ ජනගහනය මිලියන 770 ක් පමණක් සිටිය හැකි බවයි පුරෝකථනය කර සිටින්නේ.

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top