යාපනයේ කෝවිලක දී ලක්ෂ 7කට විකිණුන අඹ ගෙඩිය

lankaSFnews
0
mango

 යාපනයේ වඩමාරච්චි නැ‍ඟෙනහිර නාගර්කෝවිල් මුරුගන් කෝවිලේ දී අඹගෙඩියක් රුපියල් ලක්ෂ 07කට අගෝස්තු 24 වෙන්දේසි වී තිබේ.


උතුරේ කෝවිල්වල දී වෙන්දේසි කෙරෙන අඹ ගෙඩියක් අලෙවි වූ වැඩිම මිල වන්නේ මෙයයි.


අඹ ගෙඩිය මිලට ගෙන ඇත්තේ ප්‍රංශයේ සිට නිවාඩුවකට පැමිණ සිටි වඩමාරච්චි ප්‍රදේශයේ පවුලක් විසිනි.


උතුරේ හින්දු කෝවිල්වල මේ දිනවල පැවැත්වෙන මංගල්‍යවල දී එක් දිනයක් අඹ දිනයට වෙන් කෙරෙන අතර එදිනට අඹ යොදා ගෙන දෙවියන් වෙනුවෙන් කෙරෙන පූජාව ‘වසන්ත මණ්ඩා පූජාව’ ලෙස හඳුන්වනු ලබයි. බැතිමතුන් විසින් එම දිනයේ දී දෙවියන් වෙනුවෙන් විශාල අඹ තොගයක් පූජා කරනු ලබන අතර එක් අඹ ගෙඩියක් පමණක් දේව රූපයේ සිරුරේ ගැට ගසා ප්‍රධාන පූජාව පවත්වනු ලබයි.


පූජාව අවසානයේ දී එම අඹ ගෙඩිය වෙන්දේසියේ දමා අලෙවි කරනු ලබන අතර එය මිලට ගැනීමට බැතිමතුන් අතර පවතින්නේ විශාල තරඟයකි.


එවැනි තරඟවලදී උතුරේ කෝවිලකදී රුපියල් ලක්ෂ හතකට අඹ ගෙඩියක් අලෙවි වූ පළමු අවස්ථාව මෙය වන අතර මීට පෙර එවැනි වෙන්දේසියක දී වවුනියාවේ කෝවිලක අඹ ගෙඩියක් අලෙවි වී ඇත්තේ රුපියල් ලක්ෂ හයකටය.


වෙන්දේසියෙන් ලබා ගන්නා අඹ ගෙඩිය කිසි විටෙක පාරිභෝජනයට නොගන්නා අතර එය ඉතා සුරක්ෂිතව සුදු රෙදි කඩක ඔතා නිවසේ ඉහළ ස්ථානයක එල්ලා තබනු ලබයි.


හින්දු බැතිමතුන් ඉන් අපේක්ෂා කරන්නේ නිවෙසට සෞභාග‍්‍ය හා නිවෙසේ උදවියට නිදුක් නීරෝගි සුවයයි.


උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top