මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (19) වීදි සංචාරය කිරීමට නියමිතය. රාත්රී 6.57යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදියෙන් පහළට පැමිණ යටිනුවර වීදියට හැරී ඉදිරියට පැමිණ කන්දේ වීදියෙන් ඩී.එස්.සේනානායක වීදියට සේන්දු වී රජ වීදිය හන්දියට පැමිණ ඉහළට විත් පෙරහර ගෙවදීමට නියමිතය.
පෙරහැර දැක බලා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් ජනතාව උදෑසන සිටම මග දෙපස රැස් වී සිටින අයුරු දැකගත හැකිය .
ඡායාරූප: කසුන් ලක්රුවන් බණ්ඩාර