පොලිස් විද්‍යාලයේ කථිකාචාර්ය අයි.පී.මහණ වෙයි

lankaSFnews
0

 ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කළ පොලිස් පරීක්ෂක සම්පත් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතා අඟුරුවාතොට ඉන්දුජීව හිමි නමින් ඉංගිරිය ජේතවනාරාම ආරණ්‍ය සේනාසනයේදී පසුගිය සෙනසුරාදා පැවිදි දිවියට ඇතුළත්විය.සම්පත් මහතාගේ මව 69 හැවි රිදි අනුලා කුසුම් සහ ඔහුගේ බිරිඳ වන ලක්ෂිකා සඳමාලි මහත්මිය ද එදිනම දසසිල් මාතාවන් ලෙස ඇතුළත් වීම සුවිශේෂී සිද්ධියකි.


මදුරාගල මහා විද්‍යාලයේ සහ හොරණතක්ෂිලා විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවකු වන සම්පත් මහතා කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති සහ දර්ශනපති උපාධි ලබාගෙන ඇති අතර පැවිදි දිවියට ඇතුළත් වන විට 37 හැවිරිදි වියේ පසු විය. සම්පත් ඉන්දික මහතා පැවිදි දිවියට ඇතුළත් වූයේ ඉංගිරිය ජේතවනාරාම ආරණ්‍ය සේනාසනයේ අධිපති හඳපාන්ගොඩ නිවාතාව හිමිපාණන් වහන්සේ ගේ උපාධ්‍යාත්වයෙන් යුතුවය.


උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් 2008 වසරේ දී පොලිස් සේවයට එක් වූ සම්පත් ඉන්දික මහතා වසර එකොළහක් සේවය කළේ ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ කථිකාචාර්යවරයකු වශයෙනි.ඉංග්‍රීසි භාෂාව මෙන්ම දමිළ භාෂාව ද මනා සේ හැසිරවීමට හැකියාවක් තිබූ ඔහු පරිගණක අපරාධ විමර්ශන සම්බන්ධයෙන් සුවිශේෂී දක්ෂතා දක්වා ඇති නිලධාරියෙකි.


මීට වසර එකොළහකට පමණ ඉහතදී පොලිස් පරීක්ෂක සම්පත් ඉන්දික මහතා විවාහ දිවියට ඇතුළත් වී ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවකින් පසුවය.පොලිස්පති නිලය අධිකරණ නියෝගයක් මත තාවකාලිකව අත්හිටුවා ඇති දේශ බන්දු තෙන්නකෝන්,


ජ්‍යෙෂ්ඨ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන සංජීව මැදවත්ත, සංජීව ධර්මරත්න නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමයන්ත, පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්ද්‍රසේන ජයකොඩි එම විද්‍යාලයේ ප්‍රධාන කතිකාචාර්ය ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් සුදුවැල්ල සහ නීති කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක දිමුතු ප්‍රදීප් මහතා ඇතුළු විවිධ තරාතිරමේ පොලිස් නිලධාරීන් පන්සිය දෙනකුට වැඩි පිරිසක් සම්පත් මහතා සසුන් ගතවන අවස්ථාවට සහභාගී වූහ.


දේශ බන්දු තෙන්නකෝන් මහතා පැවිදි දිවියට ඇතුළත් වූ අඟුරුවාතොට ඉන්ද්‍රජීව හිමියන්ට පිරිකර පූජා කර වැඳ නමස්කාර කළේය. අඟුරුවාතොට ඉන්ද්‍රජිත් හිමියන් නමින් පැවිදි දිවියට ඇතුළත් වූ සම්පත් ඉන්ද්‍රජිත් මහතාගේ වැඩිමල් සහෝදරයා වන නිශංක සංජිව රෝහණ ද සිල්වා මහතා මෙසේ පැවැසීය.


මම පවුලේ වැඩිමලා. ඊළඟට දමයන්ති නංගි. සම්පත් පවුලේ බාලයා. එයා ඉපදිලා අවුරුදු අටක් විතර යනකොට අපේ තාත්තා මිය ගියා.


අපේ අම්මා අපි තුන්දෙනා ජීවත් කරන්න නොවිදිනා දුක් වින්දා. ගඩොල් පෝරණුවල වැඩ කළා. කළුගල් කැඩුවා. මම අපොස සාමාන්‍ය පෙළ විභාගය ලිව්වට පස්සේ අධ්‍යාපනයට සමු දීලා රැකියාවක් කරන්න පටන් ගත්තා. මම බස් රථ රියදුරෙකු ලෙස සේවය කරනවා. මම ඒ කැපවීම කළේ මල්ලිටයි නංගිටයි උගන්වන්න ඕනෑ නිසයි. මල්ලි ඉහළටම ඉගෙන ගත්තා. මල්ලි හොඳින් රැකියාව කරගෙන ගියා. කාලයක ඉඳලා මල්ලි සෑම සෙනසුරාදා දිනකම නොරදවාම බණ අහන්න විහාරස්ථානවලට ගියා. කුඩා කාලයේ ඉඳලම හරිම නිමිච්ච චරිතයක්. බුදු දහම ගැන හැදෑරුවා. දන්න කියන කාලෙක ඉඳලා පිනට දහමට හරිම ළැදි කෙනෙක්. දුප්පත් මිනිසුන්ට පුළුවන් තරමින් එයා උදව් පදව් කළා යැයි ද රෝහණ මහතා වැඩිදුරටත් කීය.


Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top