අඩි 8 ක් පමණ උස රාජා, නමින් හඳුන්වන වයස අවුරුදු 35ක් පමණ වූ එක් ඇසක් නොපෙනෙන බවට විශ්වාස කරන වනඅලියෙකුට පොලීසිය විසින් සිදුකළ වෙඩිතැබීමකින් එම වනඅලියා මියගොස් ඇති බව වනජීවි නිලධාරීන් පවසයි.
දඹුල්ල බකමූණ ප්රධාන මාර්ගයේ බකමූණ දමනයාය දම්පුර ප්රදේශයේදී මෙම වනඅලියා ඊයේ රාත්රියේ මහමග ගමන් කරමින් සිටියදී වෙඩිවැදී මියගොස් තිබේ.
බකමූණ පොලීසියේ රාජකාරී කටයුතුවල යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු පොලීසියේ ත්රිරෝද රථයෙන් මුර සංචාරයක යෙදී සිටින අවස්ථාවේදී ත්රිරෝද රථයට වනඅලියා පහරදීමට උත්සාහ කළ බව පවසමින් ටී56 ගිනිඅවියකින් වනඅලියාට වෙඩිතබා ඇතැයි බකමූණ පොලීසිය පවසයි.