අද සිට නව ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක්...ටිකට් බුක් කරන විදිහ මෙන්න

lankaSFnews
0
train schedule sri lanka

 නව ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් අද (22) සිට හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.


QR කේතයක් සමඟ හඳුන්වා දී ඇති මෙ​ම නව ටිකට්ප​ත දුම්රිය දෙපාර්තමේන්තුවේ pravesha.lk වෙබ් අඩවිය හරහා පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.


  • අදාළ වෙබ් අඩවියට ඔබගේ ගමන් විස්තර ඇතුළත් කර අදාළ ටිකට් පත සඳහා මුදල් ගෙවු පසු SMS හෝ Email පණිවුඩයක් හරහා අදාළ ටිකට් පත ලබා ගැනීමට හැකියාව ඇති අතර එම ලැබෙන ටිකට් පතේ QR කේතය දුම්රියේදී හෝ දුම්රිය ස්ථානයේදී අදා​ල පරීක්ෂකවරයාට පෙන්වීමේ හැකියාව පවතින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
  • ඔබ ගමන් කිරීමට අපේක්ෂා කරන දිනට, දින 07කට පෙර සිටම ඔබට මෙම වෙබ් අඩවිය මගින් ඔබට අවශ්‍ය ප්‍රවේශ පත්‍ර ලබාගත හැකිය.✅
  • දැනට දුම්රිය ධාවනය වන ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර 2 වන හා 3 වන පන්තියේ (2nd & 3td cls) ප්‍රවේශ පත්‍ර මෙහිදී නිකුත්කරනු ඇත.✅
  • මෙහිදි ප්‍රවේශපත් ගාස්තු ගෙවීම බැංකු කාඩ්පත් (Debit or credit card) මගින් පමණක් සිදුකෙරේ.✅
  • එමෙන්ම ඔබේ දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තුව හැර සේවා හෝ වෙනත් කිසිඳු අමතර ගාස්තුවක් අය නොවේ🚫
  • වෙන්කල ආසන ප්‍රවේශ පත්‍ර (Reservation tickets) පමණක් මෙහිදී ඔබට ලබාගත නොහැක.🚫
  • ඔබගේ ජංගම දුරකථන තිරයේ පෙන්වන හෝ මුද්‍රණය කල ප්‍රවේශ පත්‍ර පෙන්වා සාමාන්‍ය පරිදි ඔබට දුම්රියේ ගමන් කළ හැක.✅
  • ප්‍රවේශ පත්‍රයේ සඳහන් ගමන් කරන දිනය තුලදී පමණක් මෙම ප්‍රවේශපත්‍රය භාවිතා කිරීමට වලංගු නිසා ඔන්ලයින් හරහා ප්‍රවේශපත් මිලදී ගැනීමෙදි එහි සඳහන් දිනය පිලිබඳ විමසිලිමත් වන්න.⚠️️

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top