මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් සඳහා වූ ඡන්ද සලකුණු සහිත ගැසට් නිවේදනය මේවන විට නිකුත් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.නාමයෝජනා ලබාදෙන එළැඹෙන 15 වනදා මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී පක්ෂ ඔවුන්ගේ ලියාපදිංචි සලකුනින්ද ඒ ඒ ස්වාධීන අපේක්ෂකයින් තමන්ට කැමති ඒවා මෙම ලැයිස්තුවෙන්ද තෝරාගත් පසු එම සලකුණු ඡන්ද පත්‍රිකාවට මුද්‍රණය කිරීමට තෝරාගැනේ.
එය උප ලේඛන 01 හා උප ලේඛන 02 ලෙස කොටස් දෙකකි.
උප ලේඛන 01හි සඳහන් වනුයේ දැනට ලියාපදිංචි වී ඇති දේශපාලන පක්ෂ සඳහා නිකුත් කර ඇති ඡන්ද සළකුණුය.
උප ලේඛන 02 හි සඳහන් වනුයේ ස්වාධීනව තරග කරන අපේක්ෂකයන්ට ලබාගත හැකි සලකුණුය.