
සමගි ජන බලවේගය පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ඉදිරිපත් වීමෙ පසු එම පක්ෂයේ බේරුවල සංවිධායක ධුරය ලැබූ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මහතා ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය ලැබූ අයෙක් බැවින් පාර්ලිමේන්තු මැතිවරණයකදී තරග කිරීමේ ගැටලුවක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහුට සහ සිය පවුලට 2024 වසරේ පෙබරවාරි මස 24 වැනිදා එරට පුරවැසි භාවය හිමි විය.මේ බව එරට ඇමැතිවරයකු වන ජේසන් වුඩ් විසින් එදින පැවති නව පුරවැසියන් හඳුන්වා දීමේ උළෙලකදී ප්‍රකාශයට පත් කරන ලදී.