සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරාල සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා
අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව සඳහන් කළා.
විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය පවසා සිටියේ තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද සමගි ජන බලවේගය පක්ෂයෙන් ද ඉවත් වන බවයි.
එක්සත් ජාතික පක්ෂය දෙපිළකට බෙදී තරග කිරීමට ගත් තීරණය, තම හෘද සාක්ෂියට එකඟ නොවන කටයුත්තක් බැවින් මෙම තීරණයට එළඹුණු බව ඇය පවසා සිටියා.
2004, 2010, 2015 සහ 2020 යන මැතිවරණ වලදී රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඇය පාර්ලිමේන්තු වරම් දිනා ගත් අතර ගාමිණී අතුකෝරළ තම සහෝදරයාගේ අභාවයෙන් පසු ඇය සිය දේශපාලන දිවිය ආරම්භ කළා.
දේශපාලනෙදි කොතෙක් ඉවත් ඉවසිය යුතුද යන්න ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ඔප්පු කර ඇතැයි ද ඇය එහිදී කියා සිටියාය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය පිහිටුවීමට ගත් තීරණයට තමන් විරුද්ධ බවත් සජිත් ප්‍රේමදාස දේශපාලන වශයෙන් සියදිවි නසාගෙන ඇතැයිද ඇය කීවාය.