තායිලන්තයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස එරට හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන තක්ෂින් ෂිනවත්‍රා ගේ දියණිය වන පේටොන්ග් - ටාං ෂිනවත්‍රා තේරී පත්වී තිබෙනවා.
පාලක පක්ෂය විසින් ඇයගේ නම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර, ඊට බහුතර අනුමැතිය හිමිවූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඇය අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණේ එරට අධිකරණයක් විසින් ආචාර ධර්ම පිළිබඳ නීති උල්ලංඝනය කිරීම සහ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රෙතා තවිසින් එම ධුරයෙන් නෙරපා හැරීමත් සමගයි.
මේ වනවිට 37 හැවිරිදි වියේ පසුවන පේටොන්ග් - ටාං ෂිනවත්‍රා තායිලන්තයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ ලාබාලම මෙන්ම එම ධුරයට පත්වූ දෙවන කාන්තාවද වනවා.