සංක්‍රමණික 17 හැවිරිදි මුස්ලිම් තරුණයෙක් කුඩා දැරියන් 3 නෙකු මරා දමලා ...බ්‍රිතාන්‍යයේ කලබල

lankaSFnews
0

 සංක්‍රමණික ජනතාවට එරෙහි විරෝධතා එංගලන්තය පුරා පැතිරයාම සම්බන්ධයෙන් ගතයුතු පියවර සාකච්ඡා කිරීම සඳහා ඊයේ (05දා) බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලයේදී විශේෂ හමුවක් කැඳවා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණි. සංක්‍රමණික ජන කොටස් වලට එරෙහිව සති අන්තයේ එරට ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවති අතර එහිදී පොලිස් නිලධාරීන් සමග ගැටුම් ඇතිකරගත් 150 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.


මීට දින කිහිපයකට ඉහතදී 17 හැවිරිදි තරුණයෙක් විසින් පිහියකින් ඇන කුඩා ගැහැණු දරුවන් තිදෙනෙක් ඝාතනය කර තිබූ අතර එම සිද්ධියෙන් අනතුරුව එරට තුළ දැඩි මුස්ලිම් විරෝධයක් මතුවෙමින් පවතී. විරෝධතාකරුවන් විසින් සරණාගතයින් පිරිසක් රඳවා සිටින රොතර්හැම් හි හෝටලයකට ප්‍රහාරයක් එල්ලකර තිබුණි.ටැම්වර්ත්, මිඩ්ල්ස්බ්‍රො, බෝල්ටන්, හල් සහ වේමවුත් යන ප්‍රදේශවලද කෝලාහල ඇතිවූ බව සඳහන් ය.



Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top