ලොව දිගම මුද්දරය ශ්‍රී ලංකාවෙන්...[Photos]

lankaSFnews
0

world longest stamp 

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් ශ්‍රී දළදා මාලිගවේ ඉල්ලීමකට අනුව නිමාවට පත්වුනු 1714වන කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය වෙනුවෙන් සමරු මුද්දරයක් හා මුල්දින කවරය නිකුත් කිරීම ඊයේ (20) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදු විය. එම මුද්දරය දිගින් මිලි මීටර් 205ක් වන අතර, එය ලොව දිගින් වැඩිම මුද්දරය ලෙස ඉතිහාස ගතවනු ඇත. 


එම මුද්දරය ඇතුලත් පළමු මුල්දින කවරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත පිරිනැමීම ජනමාධ්‍ය අමාත්‍ය අචාර්්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් සිදුකෙරුණා.

ශ්‍රී ලාංකේය සංස්කෘතික අභිමානය ලොව පුරා ගෙන යන කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍ලයේ අසිරිය තව තවත් ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම සමරු මුද්දරය නිකුත් කෙරුණා. ඇසළ පෙරහරේ අන්තර්තග සාම්ප්‍රදායික නර්තන අංග, අලි ඇතුන් ඇතුළු පෙරහර මංගල්ලයේ ඇතුලත් සුවිශේෂී අංග ඇසුරින් මෙම මුද්දරය නිර්මාණය කර තිබෙනවා.


මුද්දර නිකුත් කිරීමේ අවස්ථාවට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා, තැපැල් දෙපාර්තමේන්තු මෙහෙයුම් ප්‍රධානී නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ, මධ්‍යම පළාත් නියෝජ්‍ය තැපැල්පති අස්ලාම් හසන්, මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ ලංකා ද සිල්වා යන මහත්වරු ඇතුළු සම්භාවනීය ආරාධිතයින් පිරිසක් එක්ව සිටියා.

world longest stamp in sri lanka

wolrd longest stamp sri lanka

wolrd longest stamp sri lanka 2

wolrd longest stamp sri lanka 3

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top