අපේක්ෂක වත්කම් එළියට...පොහොසත්ම අපේක්ෂකයා දිලිත්... දුප්පත්ම අපේක්ෂකයා රනිල්

lankaSFnews
0

election 2024 assets

එළඹෙන ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් 39 දෙනා මැතිවරණ කොමිෂන් සභාවට ලබා දුන් වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ කොමිෂන් විමර්ශන සභාව විසින් ප්‍රසිද්ධියට පත්කර ඇත.


අල්ලස් හෝ දූෂණ කොමිෂන් විමර්ශන සභා වෙබ් අඩවියට අනුව ප්‍රධාන අපේක්ෂකයන්ගේ වත්කම් පහත දැක්වේ.


අනුර කුමාර දිසානායක – රුපියල් 202,517.34ක්

ඩබල් කැබ් රථයක්


රනිල් වික්‍රමසිංහ – වැටුප රුපියල් 97,500

බෙන්ස් රථ දෙකක් සහ ජීප් රථයක්


සජිත් ප්‍රේමදාස – රුපියල් 295,681.14ක්

ඩබල් කැබ් රථ දෙකක් ප්‍රාඩෝ ජීප් රථයක්, බෙන්ස් මෝටර් රථයක් සහ ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක්


නාමල් රාජපක්ෂ – රුපියල් 454,285

ටොයොටා ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක්


විජයදාස රාජපක්‍ෂ – වැටුප සහ දීමනා රුපියල් 280,000, ලෝටස් හෝල්ඩිං සමාගම් අධ්‍යක්ෂ ලෙස මාසික දීමනාවල එකතුව රුපියල් 1,345,000ක් ටොයිටා ලෑන්කෲෂර් v8 ජීප් රථයක්

විජේදාස රාජපක්ෂ මහතා පූර්ණකාලීන දේශපාලනඥයකු වන අතර ඔහු ව්‍යාපාර ක්‍රියාකාරකම්වලද නිරත වේ.


ජනක රත්නායක – රුපියල් 2,50,000ක්

පෝර්ඩ් ජීප් රථයක් සහ බෙන්ස් මෝටර් රථයක්


සරත් ෆොන්සේකා – රුපියල් 54,285, දීමනා 263,500ක් සහ ටොයොටා ලෑන්ඩ් කෲෂර් V8 ජීප් රථයක්.


රොෂාන් රණසිංහ – මන්ත්‍රී වැටුප රුපියල් 65,000, දීමනා රුපියල් 340,000 ව්‍යාපාරික වැටුප රුපියල් 500,000), ජපානයේ විදේශ වැටුප රුපියල් ලක්‍ෂ තිහක් සහ ෆෝර්ඩ් මස්ට්ටෑන්ග් මෝටර් රථයක්


දිලිත් ජයවීර – මාසික දීමනා සහ වැටුප රුපියල් 16,500,000ක්.

දිලිත් ජයවීර මහතා මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන අතර ඔහුට අයත් ව්‍යාපාර අතර මෙරට ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් වන දෙරණ ආයතනය ද වේ.

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top