ළමුන්ට එරෙහි බාල අපරාධ 3119ක් ඉකුත් වර්ෂයේ දී (2023) සිදුවී ඇති බැව් ශ්‍රී ලංකා පොලිසිය විසින් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති කාර්යසාධන වාර්තාවේ සඳහන් වෙයි.
ළමුන්ට එරෙහිව බරපතල ලිංගික අපයෝජන 605ක් ඉකුත් වර්ෂයේ දී සිදු වී ඇති අතර වයස අවුරුදු 16ට අඩු දැරියන් 1262 දෙනකු එම දැරියන්ගේ කැමැත්ත ඇතිව දූෂණයට ලක්ව ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි. දැරියන්ගේ කැමැත්ත නොමැතිව 320 දෙනෙකු දූෂණයට ලක්ව ඇති අතර ළමුන් 16 දෙනෙකු ඉකුත් වර්ෂයේ දී ඝාතනයට ලක්ව ඇත.
එමෙන් ම ළමුන් මැරීමට තැත් කිරීම සම්බන්ධ සිද්ධීන් 11ක්, බරපතළ තුවාල සිදුකිරීම් 57ක්, අපහරණය කිරීම 561ක්, පැහැරගෙන යෑම් 27ක්, ළමුන්ට කෲර ලෙස සැලකීම් 97ක් සහ අයුතු ලෙස ලිංගික ප්‍රයෝජන ගැනීම් 24ක් වාර්තා වී ඇති බව ද මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.
ලලිත් චාමින්ද