යානයේ සිටි සියලු දෙනා මරුදකිමින් කරකැවී කඩා වැටුණු ගුවන් යානය [VIDEO]

lankaSFnews
0
brazil plane crash

 බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයන් 61 දෙනාම ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් වාර්තා පවසනවා.


ද්විත්ව එන්ජින් සහිත යානය දකුණු ප්‍රාන්තයේ Paraná හි Cascavel සිට Sao Paulo නගරයේ Guarulhos ගුවන් තොටුපළ දක්වා පියාසර කරමින් සිටියදී Vinhedo නගරයට කඩා වැටුණු බවයි Voepass ගුවන් සේවය පවසන්නේ.


සමාජ මාධ්‍යවල සංසරණය වන දර්ශනවල දැක්වෙන්නේ ගුවන් යානය සිරස් අතට පහළට පැමිණ, එය සර්පිලාකාරව පහළට වැටෙන ආකාරයයි.


ATR 72-500 යානයේ මගීන් 57 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය හතර දෙනෙකු සිට ඇති අතර ප්‍රාදේශීය බලධාරීන්ට අනුව අන්තුරින් දිවි ගලවා ගත් අය කිසිවෙකු නොමැති බව වාර්තා වනවා.


බ්‍රසීලයේ ජනාධිපති Luiz Inácio Lula da Silva විපතට පත් වූවන්ගේ පවුල් සහ මිතුරන් ට ශෝකය පළ කර ඇති අතර, සාඕ පවුලෝ ප්‍රාන්ත ආණ්ඩුකාර Tarcísio Gomes de Freitasදින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.


මෙම යානය ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටී ඇතත් එහි සිටි කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ.


නමුත් එක් නිවසකට පමණක් හානි සිදුව තිබෙනවා.


ගුවන් යානය කැස්කැවල් සිට දේශීය වේලාවෙන් 11:56 ට ගුවන් ගත්ව ඇතත්, යානයෙන් අවසන් සංඥාව ලැබී ඇත්තේ ඉන් පැය එකහමාරකට පමණ පසුවයි.


මේ වන විට ගුවන් යානා පටිගත කිරීමේ යන්ත්‍ර සොයා ගෙන ඇති අතර ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මකයි.





2

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top