2024 ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් භාර ගැනීමේ කටයුතු අද (14දා) දහවල් අවසන් වු අතර ඒ අනුව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇත.
පිළිගත් දේශපාලන පක්ෂ 20ක් සහ වෙනත් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන අපේක්ෂකයින් ලෙස පුද්ගලයින් 17 දෙනෙකු ඉදිරි ජනාධිපතිවරණය සඳහා අද දහවල් වන විට ඇප මුදල් තැන්පත් කර තිබුණි.
ඒ අතර භික්ෂුන් වහන්සේ දෙනමක් සිටින බවයි, මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්, අක්මීමන දයාරතන හිමියන් ඒ අතර වනවා.