ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක වියදම් නිරීක්ෂණය කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වෙබ් අඩවියක් නිර්මාණය කර තිබෙනවා.
'ඡන්ද සල්ලි මීටරේ' ලෙස නම් කර ඇති මෙම වෙබ් අඩවිය එළිදැක්වීමේ උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.
වෙබ් අඩවිය : https://chandasallimeetare.lk/
(අගෝස්තු 23 වෙනිදා සිට මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක වනු ඇත)
ඒ, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය, පැෆ්රල් සංවිධානය ඇතුළු ප්‍රමුඛ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හයක් එක්වයි මෙය නිර්මාණය කර ඇත්තේ.
මෙම උත්සවය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් ඇතුළු පිරිසකගේ සහභාගී වී තිබෙනවා.
මේ අතර, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි සීමාව ඉක්මවා මුදල් යොදවා ඇති බවට මැතිවරණයෙන් පසුව අනාවරණය වුවහොත් ජනාධිපති ලෙස තේරී පත්වූවත් ඔහුගේ ධුරය අහෝසි කිරීමට පවා නීතිමය ප්‍රතිපාදන පවතින බවයි.