2015 වසරේ සිට 2023 වසර දක්වා මෙරට තුළ දුම්වැටි බිලියන 26.46ක් අළෙවි කර ඇති අතර, එමගින් රුපියල් බිලියන 833.23ක් බදු මුදල් ලෙස රජය විසින් අය කර ගෙන ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
2015 වසරේ සිට 2023 වසර දක්වා වැඩිම දුම්වැටි තොගයක් අළෙවි කර ඇත්තේ 2015 වසරේ වන අතර, එහිදී දුම්වැටි බිලියන 3.96ක් අළෙවි කර ඇත.
කෙසේ වෙතත් දුම්වැටි බිලියන 2.30ක් අළෙවි කළ 2023 වසරේදී වැඩිම බදු ආදායම රජයට ලැබී ඇති අතර, එහිදී රුපියල් බිලියන 110.81ක් ලැබී ඇත.
මීට අමතරව 2016 වසරේදී දුම්වැටි බිලියන 3.79ක් අළෙවි කර රුපියල් බිලියන 86.06ක්ද, 2017 වසරේදී දුම්වැටි බිලියන 3.15ක් අළෙවි කර රුපියල් බිලියන 88.88ක්ද, 2018 වසරේදී දුම්වැටි බිලියන 3.15ක් අළෙවි කර රුපියල් බිලියන 92.94ක්ද, 2019 වසරේදී දුම්වැටි බිලියන 2.62ක් අළෙවි කර රුපියල් බිලියන 87.55ක්ද, 2020 වසරේදී දුම්වැටි බිලියන 2.29ක් අළෙවි කර රුපියල් බිලියන 90.23ක්ද, 2021 වසරේදී දුම්වැටි බිලියන 2.38ක් අළෙවි කර රුපියල් බිලියන 90.70ක්ද, 2022 වසරේදී දුම්වැටි බිලියන 2.82ක් අළෙවි කර රුපියල් බිලියන 104.81ක්ද රජය විසින් බදු මුදල් ලෙස අය කරගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා සභාගත කළ පිළිතුරේ මේ බව සඳහන් කර ඇත.