වර්තමානයේ ගැහැනු දරුවන් ඉතා අඩු වයසින් මල්වරවීම ලොව පුරා විද්‍යාඥයන්ගේ කණස්සල්ලට හේතුවක් වී තිබෙනවා.
මේ වන විට ඇමෙරිකානු ගැහැනු දරුවන් සියයවසකට පෙර ජීවත් වූ ගැහැනු දරුවන්ට සාපේක්ෂව වසර හතරකට පෙර ඔසප් වීම සිදුවන බවටයි අනාවරණ වී ඇත්තේ.
ඒ අනුව 1950 සහ 1969 අතර උපත ලද ගැහැනු දරුවන්ගේ ඔසප් වීම සාමාන්‍යයෙන් අවුරුදු 12.5 කදී ආරම්භ වුවද, 2000 ගණන්වල මුල් භාගයේ උපත ලැබූ පරම්පරාව සඳහා මෙය සාමාන්‍යයෙන් අවුරුදු 11.9 දක්වා පහත වැටී ඇති බවට අමෙරිකානු නව දත්ත වාර්තා පෙන්නුම් කර තිබෙනවා.
අධික වායු දූෂණයට නිරාවරණය වන ඇමෙරිකානු ගැහැනු දරුවන්ට ඔවුන්ගේ පළමු ඔසප් වීම අඩු වයසේදී ඇති විය හැකි බවට තවත් අධ්‍යයනයකින් හෙළි වී ඇති බව සඳහන්.
එමෙන්ම පූර්ව වැඩිවියට පැමිණීමේ ලක්ෂණ පෙන්නුම් කරන ගැහැනු දරුවන්ගේ සංඛ්‍යාව 16 ගුණයකින් වැඩිවී ඇති බවට දකුණු කොරියානු විද්‍යාඥයන් අනාවරණ කර තිබෙනවා.
පෝලන්තයේ විද්‍යාඥයන් විසින් සිදු කරන ලද අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ නයිට්රජන් වායුවට වැඩි වශයෙන් නිරාවරණය වන ගැහැනු ළමුන් වයස අවුරුදු 11ට පෙර මල්වර වන බවයි.
ඒ අතර සම්බන්ධයක් තිබෙන බවට ඔවුන් අනාවරණ කරගෙන තිබෙනවා.
ඒ, කාන්තාවන් 1,257 ගේ දත්ත පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.
මෙම සියළු දත්ත වාර්තාවන්ට ලොව පුරා විද්‍යාඥයින් පුරෝකථනය කර ඇත්තේ කලින් වැඩිවියට පැමිණෙන ගැහැනු ළමයින්ට දීර්ඝකාලීන ප්‍රතිවිපාක ඇතිකරන අහිතකර සෞඛ්‍ය ප්‍රශ්න ඇති විය හැකි බවටයි.