අපේක්ෂකයන් 39 දෙනාට ආරක්ෂාව සපයා දීමේදී ඉන් එක් අපේක්ෂකයකු කාන්තා ප්‍රශ්නයක් මුල් කරගෙන වැඩි ආරක්ෂාවක් ඉල්ලා ඇතැයි අනාවරණය වේ.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සැපයීම සම්බන්ධව කරන ලද බුද්ධි අංශ විමර්ශනයකදී මේ බව තහවුරු වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු ‘අරුණ’ ට පැවසීය. මෙම ජනාධිපති අපේක්ෂකයා තමාට වැඩි ආරක්ෂාවක් ඉල්ලා සිටියද, ඔහුට තර්ජනයක් ඇත්දැයි විශ්ලේෂණය කිරීමේදී කාන්තා ප්‍රශ්නයක් හේතු කරගෙන ආරක්ෂාව ඉල්ලා ඇතැයි හෙළිවී තිබේ.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් ප්‍රධාන අපේක්ෂකයන් වන රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර, විජයදාස රාජපක්ෂ යන අපේක්ෂකයන්ට විශේෂ ආරක්ෂාවක් සපයා දීමට තීරණය කර ඇත.
ඊට අමතරව ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන් හට ආරක්ෂාව සපයා දිය යුතුද යන්න විමසා බැලීමේදී කාන්තා ප්‍රශ්නය මුල් කරගත් අපේක්ෂකයා පමණක් විශේෂ ආරක්ෂාවක් ඉල්ලා තිබේ.