ෆේස්බුක් නිර්මාතෘ, මෙටා ආයතන ප්‍රධානී මාර්ක් සකර්බර්ග් සිය ආදරණීය බිරිඳ 'ප්‍රසිලා චෑන්' වෙනුවෙන් පිළිමයක් ඉදිකර තිබෙනවා.
එම පිළිමය නිර්මාණය කර ඇත්තේ අමෙරිකාවේ නිව්යෝර්ක් චිත්‍ර ශිල්පියෙකු වන ඩැනියෙල් අර්ශාම් විසින්.
'රෝම සම්ප්‍රදාය නැවතත් - බිරිඳ වෙනුවෙන් මූර්තියක්' යන ශීර්ෂ පාඨය යටතේ ඔහු මේ බව සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රසිද්ධියට පත්කර තිබුණේ පසුගිය 13 වැනිදායි.
මාර්ක් සකර්බර්ගේ බිරිඳ වන 'ප්‍රසිලා චෑන්' වෙනුවෙන් ඉදිකර ඇති එය රෝම ආභාෂය මූලික කරගනිමින් නිර්මාණය කළ ප්‍රතිමාවක් වන බව ද සඳහන්.
එම ප්‍රතිමාව අසළ 'ප්‍රසිලා චෑන්' කෝප්පයක් අතැතිව යමක් තොල ගාන අයුරු දැක්වෙන සේයාරුවක් ද සකර්බර්ග් විසින් ඉන්ස්ට්‍රාගෑම් මාධ්‍යයේ පළකර තිබුණා.
මෙම ප්‍රතිමාව ඔවුන්ගේ නිවසේ මිදුලෙහි ඉදිකර ඇති බවයි වාර්තා වන්නේ.
මාර්ක් සකර්බර්ග්ගේ බිරිඳ හිටපු ගුරුවරියක්, ළමා රෝග විශේෂඥවරියක් මෙන්ම Zuckerberg Initiative හි සම-නිර්මාතෘ සහ සම-ප්‍රධාන විධායක නිලධාරිනිය ද වශයෙන්ද කටයුතු කරනු ලබනවා.
චෑන් සහ සකර්බර්ග් මුණගැසී ඇත්තේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේදී අධ්‍යාපනය ලබන අතරතුරදීයි.
එවකටදී එම විශ්වවිද්‍යාලයේ සිසුන් වූ ඔවුන් පසුව 2012 වසරේ මැයි මස 19 වැනිදා විවාහ දිවියට එළැඹෙනවා.
ඔවුන්ට මේ වනවිට දියණියන් තිදෙනෙක් ද සිටින බව සඳහන්.
ඔවුන් විවාහ වී වසර 12කට අධික කාලයක් ගතවුවද මාර්ක් සකබර්ග් සෑම මොහෝතකම තමන්ට ආදරණීය වන බවයි ඇයගේ බිරිද ප්‍රකාශ කර ඇත්තේ.
1984 මැයි 14 වැනිදා උපන් මාර්ක් සකබර්ග් මේ වනවිට 40 වන වියේ පසුවනවා.