එලොන් මස්ක්ගේ ටෙස්ලා පරාද කරන ලොව වේගයෙන්ම චාර්ජ් වෙන බැටරිය චීනයෙන්

lankaSFnews
0
tesla

 එලෝන් මස්ක්ගේ ටෙස්ලා පරාද කරන පුවතක් චීනයෙන් වාර්තා වනවා .  


වේගයෙන්ම ආරෝපණයවන විදුලි මෝටර් බැටරිය තම සමාගම සතුවන බව චීන මෝටර් රථ නිෂ්පාදකයෙකු වන Zeekr පවසනවා.


විදුලි වාහන (EV) බැටරි කර්මාන්තයේ ප්‍රමුඛයා වන ටෙස්ලා ඇතුළු එහි ඕනෑම ප්‍රතිවාදීන්ට වඩා තම බැටරිය වේගයෙන් ආරෝපණය වන බවයි ඔවුන් පවසන්නේ.


එහි වැඩි දියුණු කරන ලද බැටරිය ආරෝපණ මධ්‍යස්ථාන භාවිතයෙන් විනාඩි 10 හමාරක් තුළ ධාරිතාව 10% සිට 80% දක්වා ආරෝපණය කළ හැකියි.

එලෝන් මස්ක්ගේ ටෙස්ලා සමාගම පවසන්නේ මිනිත්තු 15ක දී ලබා ගන්නා ආරෝපණයක් මගින් එහි මාදිලි 3 ට සැතපුම් 175ක් (282 km) ක දුරක් ධාවනය විය හැකි බවයි.


එය විදුලි මෝටර් රථයේ එක් ආරෝපණයකදී ගමන් කළ හැකි සම්පූර්ණ දුරෙන් අඩකට අඩු ප්‍රමාණයක්.


Zeekr සමාගම මගින් නිෂ්පාදනය කර ඇති නව බැටරිය සහිත සෙඩාන් 2025 007 නව විද්‍යත් මෝටර් රථය ලබන සතියේ වෙළෙඳපොළට පිවිසෙනවා.

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top