ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද හිමියන් 17,140,354 දෙනෙකු මෙවර සුදුසුකම් ලබා තිබෙන බව මැතිවරණ කොමිසම පවසනවා.
2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව, එක් එක් මැතිවරණ කොට්ඨාසයේ ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 1,881,129 ක් ලෙසයි.
අඩුම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් සිටින්නේ වන්නි මැතිවරණ කොට්ඨාසයේ වන අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 306,081 ක් ලෙසයි.
අදාළ සම්පුර්ණ වාර්තාව පහතින්.