මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ, ඉලක්කම්වලින් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම් ඒ.එල්. රත්නායක මහතා පැවසීය.
ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඡන්ද සලකුණු කිරීම 1 (එක) ඉලක්කමෙනුත්, මනාපයන් 2, 3 ඉලක්කම්වලින් සටහන් කළ යුතු බව රත්නායක මහතා කීවේ ය.
මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියේදී සිදු කරන බව රත්නායක මහතා පැවසීය.
යම් අපේක්ෂකයෙකුට මුල් අවස්ථාවේ ඡන්ද ගණන් කිරීම අංක 1න් සඳහන් වන මනාපය අදාළ වන බව හෙතෙම කීවේ ය.
ඉන් අනතුරුව සියලු ම දිස්ත්‍රික් 25 ම සමස්ත ප්‍රතිඵලය ලැබුණු පසු අපේක්ෂකයකුට 50% හෝ වැඩි ප්‍රමාණයක් තිබේ දැයි බලන බව සභාපතිවරයා කීවේ ය.
යම් අපේක්ෂකයකුට 50%ට වැඩිය තිබුණොත් මනාප ගණන් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව හෙතෙම පැවසීය.
එලෙස නොහැකි වුවහොත් අදාළ දිස්ත්‍රික් සඳහා පළමු සහ දෙවන අපේක්ෂකයන් ඉතිරි කර ගෙන 2, 3 මනාප ගණන් කිරීම සිදු කරන බව සභාපතිවරයා කීවේ ය.
මේ අතර, ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමේදී වෙනදා ට වඩා විශාල කාලයක් ගතවන බව ත් එම කාල සීමාවේ විවිධ කටකතා, වැරදි ප්‍රචාරවලට නොරැවටී මැතිවරණ කොමිෂන් සභාව නියමිත පරිදි ගණන් කර නිල ප්‍රතිඵලය ලබා දෙනතුරු ඉවසීමෙන් කටයුතු කරන ලෙස දැනුම් දෙන බව රත්නායක මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.
රවිශාන් ප්‍රනාන්දු