ජාත්‍යන්තර වමත්කරුවන්ගේ දිනය(International Left-handers Day!) යෙදෙන්නෙ අගෝස්තු 13 වැනිදාට.ඇයි ඔවුන් වෙනුවෙන් මෙහෙම විශේෂ දවසක්.
මේ කතාබහ ඒ ගැන...
ජාත්‍යන්තර වමත්කරුවන්ගේ දිනය ලොව පුරා වෙසෙන වමත් පුද්ගලයන්ගේ සුවිශේෂත්වය සමරන දිනයක් ලෙසයි සැමරෙන්නෙ.
එය ප්‍රධාන වශයෙන්ම දකුණත් ලෝකයට වමත්කරුවන් ඇතුළත් කිරීම සහ ප්‍රවර්ධනය කිරීම, වම් අතින් ක්‍රියා කරන්නන්ගේ අභියෝග සහ ජයග්‍රහණ පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් වෙන්වුණු දිනයක්.
සමීක්ෂණවලින් හෙළිව තිබෙන්නේ ලොව පුරා සිටින මිනිසුන්ගෙන් 10% ක් පමණ වම් අතට හුරු වූවන් වන බව.
පාසලේ දී හෝ වැඩ කරන ස්ථානයේදී '''වමත හුරු'' නිසා අපසහුතාවට පත් වූ අයෙක් වේ නම්, අද ඔවුන් වෙනුවෙන් කතා කළ යුතුම දවස.
එය විවිධත්වයේ සුන්දරත්වය මතක් කර දෙමින් කලාව ,විද්‍යාව ,ක්‍රීඩාව සහ එදිනෙදා ජීවිතය දක්වා වූ ගමන තුළ වමත හුරු පුද්ගලයින් ලද ජයග්‍රහණ පිළිබඳව කතා කරන දිනයක් හැටියටත් පෙන්වා දිය හැකියි.
ජාත්‍යන්තර වමත්කරුවන්ගේ දිනය ප්‍රථම වරට සමරනු ලබන්නේ 1976 දී. ඒ වමත්කරුවන්ගේ සමාජයේ නිර්මාතෘ ඩීන් ආර්. කැම්බල් විසින්.
ප්‍රධාන වශයෙන් මෙවන් දිනයක් ප්‍රකාශ කිරීමට හේතුව වී ඇත්තේ දකුණත් ලෝකයක වමත් පුද්ගලයන් මුහුණ දෙන අභියෝග සහ අත්දැකීම් පිළිබඳව දැනුවත් කිරීමට.
කෙසේ වෙතත්, සෑම වසරකම මෙම දිනය සඳහා නිශ්චිත තේමාවක් වෙන් කර නැත. ඒ අනුව 2024 වසරේදී මෙම දිනය සඳහා නිශ්චිත තේමාවක් වෙන්කර නොමැත.
ගෙවුණු වසරේ (2023) ජාත්‍යන්තර වමත්කරුවන්ගේ දිනයේ අවධානය යොමු වූයේ "ක්‍රීඩාවේ වමත්කරුවන්" යන තේමාව වටා.
මෙම තේමාව ඔවුන්ගේ අදාළ ක්ෂේත්‍රවල දස්කම් දැක්වූ බොහෝ වමත් ක්‍රීඩා පෞරුෂයන් පිළිගෙන ගෞරවයට පාත්‍ර කරන්නක් වුණා.
ඒ අනුව ඩියෙගො මැරඩෝනා, පේලේ, ලියනෝල් මෙසී, සනත් ජයසූරිය, බ්‍රයන් ලාරා, ඩේවිඩ් වෝනර්, මයිකල් බෙවන්, සෞරව් ගංගුලි, කුමාර් සංගක්කාර්, මයික් ටයිසන් වැනි ක්‍රීඩා පෞරුෂයන් ප්‍රධාන වශයෙන් දැක්විය හැකියි.
ආරම්භයේ දී අපි කිව්වා වගේම මෙවන් දිනයක් නිර්මාණය කර ඇත්තේම දකුණත් ලෝකයක වමත්කරුවන් මුහුණ දෙන වාසි සහ අවාසි පිළිබඳව දැනුවත් කිරීමට.
ඒ වගේම වම් අත හුරු මිනිසුන්ගේ සුවිශේෂත්වය සහ වෙනස්කම් පෙන්වා දීමටත්, වමත්කරුවන් මුහුණ දෙන ගැටළු පිළිබඳව දැනුවත් කිරීමටත්.
උදාහරණයක් විදියට වම් අත පමණක් හුරු ළමුන් සඳහා ලිවීමේදී, ආහාර ගැනීමේදී විශේෂ අවදානයක් අවශ්‍ය බව පෙන්වා දීමත් වම් අත පමණක් හුරු පුද්ගලයින්ට භින්නෝන්මාදය වර්ධනය වීමේ සම්භාවිතාවක් පැවතීමත් දක්වන්න පුළුවන්.
වමත්කරුවන් ගැන කතාබහේදී වම් අත හුරු ලෝක මට්ටමේ නායකයන් පවා අපිට මුණගැහෙනවා.
බිල් ක්ලින්ටන් ,බැරැක් ඔබාමා ඇතුළු එක්සත් ජනපද හිටපු ජනාධිපතිවරුන් කිහිප දෙනෙකුම වමත්කරුවන්. බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන්, යුධ සමයේ සුප්‍රසිද්ධ අගමැති වින්ස්ටන් චර්චිල් ද වමත හුරු අය.
ඒ වගේම එක්සත් රාජධානියේ අනාගත රජු වන විලියම් කුමරු ද වමත්කරුවෙක්.