නාමයෝජනා දෙනකොටම ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරලා ඉවරයි - ටිල්වින් සිල්වා

lankaSFnews
0
tilvin silva

 මෙවර ජනාධිපතිවරණය සැමට දේශපාලන පාඩම් උගන්වා ඇති බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.


2019 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ පොහොට්ටුව අද වන විට නොමැති බව​ද, ඉතිරි වී ඇත්තේ එහි නටුව පමණක් වන අතර නාමල් රාජපක්ෂ නටුවට වී සිටින බවද, එබැවින් ඔහුට තම කඳවු​ර අසලකටවත් ආ නොහැකි බව ඔහු සඳහන් කළා.


ඊළඟට තම කඳවුරට පහලින් සිටින්නේ සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ යන අය වුවද, දෙකට බෙදුනු UNP එකක් සමඟ තම කඳවුරට සටනක් නොමැති බවයි ඔහු පෙන්වා දුන්නේ.


එබැවින් මෙවර ජනාධිපතිවරණයට නාමයෝජනා දෙන විටම ජාතික ජන බලවේගය ජයග්‍රහණය තහවුරු කර අවසන් බවද, සැප්තැම්බර් 21 වෙනිදාට ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයාගෙන් සහතිකය ලබාගැනීමට පමණක් බවයි ඔහු අවධාරණය කළේ.

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top